Friday, April 18, 2014

Forex කියන්නේ මොකක්ද?

Forex යනු කුමක්ද?

Forex යනු විදේශීය මුදල් හුවමාරු වෙළදපොළ යි(Foreign Exchange).මෙහි Forex යන නම සෑදී ඇත්තේ Foreign හි FORසහ Exchange හි EXයන අකුරු එකතු වීමෙන්ය.

මෙහිදී සිදුවන්නේ කුමක්ද?

සරලවම කිව්වොත්, එක් මුදල් කාණ්ඩයක් තවත් මුදල් කාණ්ඩයක් සමග හුවමාරු වීමයි (Currency Exchange).

විදේශීය මුදල් හුවමාරු වෙළදපොල ,අන්තර්ජාතික මුල්‍ය වෙළදපොල,විදේශීය මුල්‍ය වෙළදපොල වගේ එක එක නම් වලින් විවිද අය හදුන්වනවා.කොහොම උනත් මේ හැම එකකින්ම කියන්නේ Forex කියන එක තමයි.විදේශීය මුදල් හුවමාරු වෙළදපොල කියන්නේ දැනට ලෝකේ තියෙන ලොකුම මුල්‍ය ධාරිතාවක් තියෙන වෙළදපොල කිව්වොත් මම නිවැරදියි.ඒකට හේතුව මුදල් කාණ්ඩ විශාල ගණනක් විදේශීය මුදල් හුවමාරු වෙළදපොල තුළ හුවමාරු වීමයි.

ඔයාල අපි කවුරුත් දන්න නිතර ම ඇහෙන දෙයක් තමයි කොළඹ කොටස් වෙළදපොළ ( Colombo Stock Market ) කියල කියන්නේ.ඉතින් විදේශීය මුදල් හුවමාරු වෙළදපොලත් ඔය කොළඹ කොටස් වෙළදපොල වගේ තමයි.හැබැයි මේ දෙක එකක් නෙමෙයි.පැහැදිලි වෙනස් කම් තියෙනවා.

කොළඹ කොටස් වෙලදපොලේ හුවමාරු වෙන්නේ සමාගම් වල කොටස්නේ.නමුත් විදේශීය මුදල් හුවමාරු වෙළදපොළේ හුවමාරු වෙන්නේ මුදල් කාණ්ඩ කියල මම කලින් කිව්වනේ.ඕක තමයි ප්‍රධානම වෙනස.හරි ... එහෙනම් අපි දැන් බලමු කොහොමද මේ මුදල් කාණ්ඩ හුවමාරු වෙන්නේ කියල.

මම මෙතන ඉදල විදේශීය මුදල් හුවමාරු වෙළදපොල හදුන්වන්නේ Forex කියන නමෙන්.

හිතන්න මෙහෙම.ඔයා ඕන තරම් අහල ඇති නේද News වලට කියනවා විදේශ විනිමය අගයන් ගැන.අද ඩොලර් එකක ගැනුම් මිල මෙච්චරයි විකුණුම් මිල මෙච්චරයි කියල.ඒ කියන්නේ මොකක්ද?

මෙන්න මේකයි ... News වලට කියනවා අද ඩොලර් එකක ගැනුම් මිල රු.125 යි කියල.ඒ කියන්නේ අපි ඩොලර් 1ක් ගන්න රුපියල් වලින් 125 දෙන්න ඕනේ කියන එක(රුපියල් ඩොලර් වලට මාරු කරනවා ).අද ඩොලර් එකක විකුණුම් මිල 128 යි කියනවා.ඒ කියන්නේ අපි අපේ ළඟ තිබුන ඩොලර් එකක් විකුණනවා ( ඩොලර් රුපියල් වලට මාරු කරනවා).එතකොට අපිට ලැබෙනවා රුපියල් 128ක්.

තවත් සරලවම කියන්න පුළුවන් ... හිතන්න මෙහෙම.ඔයා ටික දවසකට ඇමෙරිකාවට යනවා.ඔය යද්දී රුපියල් 125000 ක් අරගෙන යනවා.එත් ඇමෙරිකාවේ ගනුදෙනු කරන්නේ රුපියල් වලින් නෙමෙයිනේ.ඒක නිසා අපි ඒ රුපියල් ටික ඩොලර් කරගන්න ඕනේ.(මෙතැනදී කරන්නේ අපි ඩොලර් මිලදී ගන්න එක )අපි airport එකේ මුදල් ඒකකයට ගිහින් රුපියල් 125000 දුන්නම එයාල අද දවසේ විනිමය අගය බලනව.විනිමය අගය 125 ලු.ඒක නිසා එයාල අපිට ඩොලර් 1000 ක් දෙනවා... ඔන්න ගැනුම් කතන්දරේ හරි.

ඔයා ඇමෙරිකාවේ ඉදල ලංකාවට එනවා.එද්දී ඔයා ලග තියෙන්නේ රුපියල් නෙමේ ඩොලර්නෙ.නමුත් ලංකාවේ ගනුදෙනු කරන්නේ රුපියල් නිසා ඔයා ඩොලර් ටික රුපියල් කරගන්න ඕනේ.(මෙතැනදී කරන්නේ අපි ඩොලර් විකුණන එක )අපි airport එකේ මුදල් ඒකකයට ගිහින් ඩොලර් 1000 දුන්නම එයාල අද දවසේ විනිමය අගය බලනව.විනිමය අගය 128 ලු.ඒක නිසා එයාල අපිට රුපියල් 128000 ක් දෙනවා... ඔන්න විකුණුම් කතන්දරේත් හරි.

දැන් ඔයාලට තේරෙනවා නේ ගැනුම් හා විකුණුම් කියන එක.බලන්න ඔතන මොකක් හරි වෙනසක් වෙලාද කියල.අපි රුපියල් 125000 දීල ඩොලර් මිලදී ගත්තම අපිට ඩොලර් 1000 දීල.ආපහු ඩොලර් 1000 දුන්නම අපිට රුපියල් 128000 දීල.ඒ කියන්නේ අපිට රුපියල් 3000 ක ලාභයක් නොදැනිම ලැබිල නේද?

ඔන්න ඕක තමයි Forex වලදී වෙන මුල ධර්මය.ඕකට තමයි කියන්නේ මුදල් වෙළදාම කියල.දැන් ඔයාලට තේරෙනවා ඇති නේද සල්ලි විකුණලා ලාභ ගන්නේ කොහොමද කියල.ඒ වගේම Forex වලට මුදල් වෙළදපොල කියල කිව්වේ මෙන්න මේ දේ නිසා කියල තේරෙනවා ඇති නේද.